10 ශ්‍රේණියේ විද්‍යාව - i  (ප්‍රශ්ණ හා පිළිතුරු)

0

මෙම ප්‍රශ්නාවලියෙහි නීති කිහිපයක්

1. සෑම ප්‍රශ්නයකටම ඔබට ඇත්තේ තත්පර 60ක් පමණි..
2. ඔබ ඔබේ පිළිතුර තෝරාගත් පසු, එය ආපස්සට යාමට නොහැක.
3. කාලය අවසන් වූ පසු ඔබට කිසිදු විකල්පයක් තෝරාගත නොහැක.
4. ඔබ පිළිතුරු සපයන අතරතුර ඔබට ප්‍රශ්නාවලියෙන් පිටවිය නොහැක.
5. ඔබ නිවැරදි පිළිතුර සපයන්නේ නැති නම් ඔබට ලකුණු ලැබෙනු ඇත.

ප්‍රශ්න ආරම්භ කරන්න

අංක 1 සිට 40 තෙක් ප්‍රශ්නවල පිළිතුරු සඳහා (1), (2), (3), (4) ලෙස වරණ හතර බැගින් දී ඇත. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
කාලය

1:00:00

0

(1) කාබෝහයිඩ්‍රේටවල සංයුතියට අයත් නොවන මූලද්‍රව්‍යය වන්නේ,

(2) ග්ලූකෝස් හඳුනාගැනීමේ පරීක්‍ෂණයේ දී පහත සඳහන් වර්ණ විපර්යාස ලැබුණි. හිස්තැනට අදාළ වර්ණ දෙක පිළිවෙලින් ඇති පිළිතුර වන්නේ,


(3) රයිබොසෝමවල ප්‍රධාන කෘත්‍යය වන්නේ,

(4) වස්තුවක් චලනය වීම ඇරඹුන විට පවත්නා ඝර්ෂණ බලය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වන්නේ,

(5) පහත සඳහන් ඔක්සයිඩ අතුරෙන් කුමන ඔක්සයිඩය උභයගුණී වේද?

(6) මැමේලියා කාණ්ඩයට අයත් නොවන සත්ත්වයා වන්නේ,

(7) ප්‍රවේගය සෙවීම සඳහා භාවිතා කරන නිවැරදි සමීකරණය කුමක්ද?

(8) එක්තරා වස්තුවක ස්කන්ධය 10kg කි. එය 4ms-1 ප්‍රවේගයෙන් චලනය වන අවස්ථාවක එහි චාලක 
ශක්තිය වන්නේ, 

(9) සීමාකාරී ඝර්ෂණ බලය අඩු හෝ වැඩි වීම සඳහා බලනොපාන සාධකය වන්නේ,

(10) ජීව සෛල තුළදී සංචිත ආහාර මගින් ශක්තිය නිපදවීමේ ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ,

(11) NaCl අණු මවුල 02ක අඩංගු අණු සංඛ්‍යාව,

(12) කොස් ගෙඩියක ස්කන්ධය 5kg නම් එහි බර සොයන්න. (ගුරුත්වජ ත්වරණය = 10ms-2

(13) වෛරස් සම්බන්ධ පහත වගන්ති කියවා නිවැරදි පිළිතුර තෝරන්න.
a. වෛරස්වලට ක්‍රියාත්මක විය හැක්කේ සජීවී ධාරක සෛලයක් තුළ පමණි.
b. ඩෙංගු, සෙම්ප්‍රතිශ්‍යාව, ඒඩ්ස්, වෛරස් රෝග වේ.
c. වෛරස් නිරීක්ෂණය කළ හැක්කේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයෙන් පමණි.
මේවායින් නිවැරදි වන්නේ,

(14) පහත අවස්ථා අතරින් සමතුලිත පද්ධතියක් ඇති අවස්ථා වන්නේ,

(15) “භූගෙ කඳන්” වර්ගයක් නොවන්නේ,

(16) පිළිවෙළින් ලෝහ, ලෝහාලෝහ සහ ආලෝහ සඳහා නිදසුන් වන මූලද්‍රව්‍ය තුන තෝරන්න.

(17) බල යුග්මයක් ක්‍රියාකරන අවස්ථාවක් නොවන්නේ

(18) නිව්ටන් වලට (N) සමාන ඒකකය වන්නේ,

(19) නව ප්‍රභේදන ඇතිවීම සඳහා දායක වන විභාජන ක්‍රමය වන්නේ,

(20) Ne වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සමාන වන්නේ පහත සඳහන් කුමන අයනයකට ද? 

(21) 50kg ක ස්කන්ධයක් ඇති සිසුවෙක් සිරස් උස 10m වන පඩිපෙළක් ඔස්සේ ඉහළට යාමට 25s ක කාලයක් ගත කරයි. මෙම ළමයාගේ ක්ෂමතාව වන්නේ,

(22) පහත සඳහන් වගන්තිවල වැරදි ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
A. ගොනෝරියා, සිපිලිස්, හර්පිස් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වේ.
B. ජලය, උෂ්ණත්වය, වාතය, හිරුඑළිය බීජ ප්‍රරෝහණයට අත්‍යවශ්‍ය සාධක වේ.
C. ස්ව-වන්ධ්‍යතාව, යෝගබාධකතාව, පර-පරාගණය වළක්වා ගැනීමට ඇති අනුවර්තන වේ.

(23) සමාන සාපේක්ෂ අණුක ස්කන්ධය සහිත අණු යුගල කුමක්ද? (H-1, C-12, N-14, O-16)

(24) ජාන විකෘතිවීම නිසා ඇතිවන ප්‍රවේණික ආබාධයක් වන්නේ,

(25) සම යුග්මක ජාන ප්‍රකාශන පමණක් අඩංගු පිළිතුර තෝරන්න.

(26) පහත සඳහන් ප්‍රකාශ සලකා බලන්න.
A. ප්‍රවේග - කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මඟින් විස්ථාපනයත්, විස්ථාපන කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මඟින් ත්වරණයත් ලබා දේ.
B. විස්ථාපන - කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මඟින් ප්‍රවේගයත්, ප්‍රවේග - කාල ප්‍රස්තාරයක අනුක්‍රමණය මඟින් ත්වරණයත් ලබා දෙයි.
C. විස්ථාපන - කාල ප්‍රස්තාරයක ප්‍රස්තාරයේ යටි කොටසේ වර්ගඵලයෙන් වස්තුව චලිත වූ මුළු දුර ලබාදෙයි.
මින් සත්‍ය වන්නේ,

(27) සමාන්තර බල 3ක් යටතේ වස්තුවක් සමතුලිතව තිබීමට සපුරාලිය යුතු අවශ්‍යතාවක් නොවන්නේ,

(28) ධාරා ඌෂ්මකය තුළ යකඩ නිස්සාරණය සඳහා භාවිතා කරන අමුද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර වන්නේ,

(29) යම් වස්තුවක විස්ථාපන-කාල (s-t) වක්‍රය රූපයේ පෙන්වා ඇත.

අනුරූප ප්‍රවේග - කාල (v - t) වක්‍රය වඩාත්ම හොඳින් නිරූපණය කරනු ලබන්නේ,

(30) ජීවීන් වර්ගීකරණයට අනුව Puntius asoka සහ Cocos nucifera පිළිවෙලින් අයත් වන්නේ පහත සඳහන් කවර රාජධානි වලටද?

(31) P නම් මූලද්‍රව්‍යයක සල්ෆේටයෙහි සූත්‍රය PSO4  වන අතර නයිටේ්‍රටයේ සූත්‍රය P(NO3)2 වේ. P හි අයනීකරණ සමීකරණය නිවැරදිව පෙන්වා ඇති පිළිතුර වනුයේ, 

(32) මුහුදු මට්ටමේදී වායුගෝලීය පීඩනය 76cmHg වේ. මෙම පීඩනය පැස්කල් වලින් කොපමණද? (රසදියෙහි ඝනත්වය = 13600kgm-3, ගුරුත්වජ ත්වරණය  = 10ms-2

(33) ජල අණු අතර පවතින අන්තර් අණුක ආකර්ෂණ බල නිසා ජලයට ලැබී ඇති සුවිශේෂී ගුණයක් නොවන්නේ කුමක්ද?

(34) වර්තමානයේ මූල ද්‍රව්‍යයක සාපේක්ෂ පරමාණුක ස්කන්ධය මනිනු ලබන ඒකකය වන්නේ,

(35) ද්‍රවමානය පිළිබඳ පහත තොරතුරු සලකා බලන්න.
A. ඉහළ සිට පහළට යන විට පරිමාණයේ අගය වැඩි වේ.
B. ඝනත්වය වැඩි ද්‍රව වලදී ද්‍රවමානය ගිලෙන ගැඹුර වැඩිය.
C. ද්‍රවමානය වැඩිපුර ගිලේ නම් එම ද්‍රවයේ ඝනත්වය අඩුය.
මින් සත්‍ය වන්නේ,

(36) අයනික සංයෝගයක් නොවන්නේ කවර සංයෝගයක්ද? 

(37) Cu, Ag, Sn, Pb අතරින් සක්‍රියතාවය අඩුම මූලද්‍රව්‍ය කුමක්ද? 

(38) පුද්ගලයන් දෙදෙනෙක් 100kg ක් වන ලී කොටයක් කරමතින් ගෙන යයි. එක් පුද්ගලයෙක් යොදන බලය 400N කි. අනෙක් පුද්ගලයා යොදන බලය විය හැක්කේ,

(39) A,B හා C යන ඝනක තුනක් ජල භාජනයකට දැමූ විට පිහිටන ආකාරය පහත දැක්වේ.

මෙම ඝනක තුනේ බර පිළිබඳ නිවැරදි සම්බන්ධතාව දක්වා ඇති ප්‍රකාශනය වන්නේ,

(40) වඩාත් ඉහළ ශීඝ්‍රතාවයකින් වායු බුබුළු පිටවේ යයි අපේක්ෂා කළ හැක්කේ පහත කුමන ඇටවුමේද?

Post a Comment

0Comments
Post a Comment (0)