අධ්‍යයන  පොදු  සහතික  පත්‍ර  (සාමාන්‍ය  පෙළ)  විභාගය,  2019  දෙසැම්බර්  බුද්ධ  ධර්මය - i (පළමු ප්‍රශ්න 20)

0

 අධ්‍යයන  පොදු  සහතික  පත්‍ර  (සාමාන්‍ය  පෙළ)  විභාගය,  2019  දෙසැම්බර්

 බුද්ධ  ධර්මය - i



මෙම ප්‍රශ්නාවලියෙහි නීති කිහිපයක්

1. සෑම ප්‍රශ්නයකටම ඔබට ඇත්තේ තත්පර 30ක් පමණි..
2. ඔබ ඔබේ පිළිතුර තෝරාගත් පසු, එය ආපස්සට යාමට නොහැක.
3. කාලය අවසන් වූ පසු ඔබට කිසිදු විකල්පයක් තෝරාගත නොහැක.
4. ඔබ පිළිතුරු සපයන අතරතුර ඔබට ප්‍රශ්නාවලියෙන් පිටවිය නොහැක.
5. ඔබ නිවැරදි පිළිතුර සපයන්නේ නැති නම් ඔබට ලකුණු ලැබෙනු ඇත.

ප්‍රශ්න ආරම්භ කරන්න

අංක 1 සිට 20 තෙක් ප්‍රශ්නවල පිළිතුරු සඳහා (1), (2), (3), (4) ලෙස වරණ හතර බැගින් දී ඇත. එක් එක් ප්‍රශ්නය සඳහා නිවැරදි හෝ වඩාත් ගැළපෙන හෝ පිළිතුර තෝරා ගන්න.
කාලය

1:00:00

0

(1) සිදුහත්‌ බෝසතාණන්‌ වහන්සේ 'සත්‍ය ගවේසීව' සිටි සමයේ උන්වහන්සේට මුණ ගැසුණු අෂ්ඨ සමාපත්තිලාභීව සිටි තවුසාගේ නම කුමක්‌ ද?

(2) “ආනන්දයෙනි, මේ රජගහනුවර සිත්‌ අලවන සුලු ය. එසේම නිග්‍රෝධය සිත්කලු ය. චෞර ප්‍රපාතය සිත්කලු ය." යනාදී ප්‍රකාශය තුළින්‌ කියැවෙන්නේ,

(3) මට්ටකුණ්ඩලී, රජ්ජුමාලා වැනි අයට පිහිට වීමෙන්‌ ප්‍රකට වන්නේ බුදුරජාණන්‌ වහන්සේ තුළ පැවති,

(4) බුදුරජාණන්‌ වහන්සේගේ රූප සම්පත්තිය දැක උන්වහන්සේ අනුගමනය කිරීමට යොමු වූ භික්ෂුව කවුද?

(5) "රහසත්‌ පවි නොකොට - කෙලෙසරයනුත්‌ දුරු කොට" මෙම කවි දෙපදයෙන්‌ කියැවෙන්නේ බුදුරජාණන්‌ වහන්සේ තුළ පැවති කිනම්‌ බුදු ගුණය ද?

(6) නිවන්‌ පසක්‌ කිරීමට අවශ්‍ය වන මනා පිළිවෙත්‌ රකින බැවින්‌ සඟරුවන,

(7) “දානං සීලං පරිච්චාගං' යන ගාථාවෙහි සඳහන්‌ ධර්ම කරුණු හඳුන්වන පොදු නාමය කුමක්‌ ද?

(8) කිසියම්‌ පුද්ගලයකු, වස්තුවක්‌ හෝ සිද්ධියක්‌ සමග විශේෂ ඇල්මක්‌ හෝ පිළිකුලක්‌ ඇති කර නොගෙන සමසිත පැවැත්වීම ප්‍රකට කෙරෙන්නේ,

(9) බුදුරජාණන්‌ වහන්සේ ගිජ්ජකූට පර්වතයේ සූකරකත ලෙනෙහි දී දේශනා කළ සූත්‍ර ධර්මය වන්නේ,

(10) සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන පරිදි ගුරුවරයා විසින්‌ ශිෂ්‍යයාට ඉටු කළ යුතු යුතුකම්‌ අතරට අයත්‌ නොවන්නේ,

(11) දැහැමින්‌ උපයාගත්‌ ධනය පරිභෝජනය කළ යුතු ආකාරය පැහැදිලි කරමින්‌ බුදුරජාණන්‌ වහන්සේ 'පත්තකම්ම සූත්‍රය. දේශනා කළේ,

(12) පත්තකම්ම සූත්‍රයෙහි සඳහන්‌ බලි සංකල්පයෙහි එන 'දේවතා බලි' යන්නෙහි අර්ථය වන්නේ,

(13) ගුරුවරුන්ට සවන්දීමෙන්‌ පොතපත කියවීමෙන්‌ නුවණ දියුණු කර ගැනීම ධර්මයේ හැඳින්වෙන්නේ,

(14) සංසාර නැමති සාගරය තරණය කිරීමට ඉවහල්‌ වන, එසේම වැපිරිය යුතු බීජයක්‌ ලෙස ද දක්වා ඇති, නිවන්‌ මගට පිවිසීමට මුල්වන ධර්ම කරුණ වන්නේ,

(15) තමා ලබන ආදායමට සරිලන ලෙස වියදම හොඳින්‌ දැන අයවැය මනාව පාලනය කර ගැනීම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයේ දැක්වෙන්නේ,

(16) නූපන්‌ අකුසල්‌ නූපදවීම, උපන්‌ අකුසල්‌ නැති කිරීම, නූපන්‌ කුසල්‌ ඉපදවීම, උපන්‌ කුසල්‌ වැඩිදියුණු කිරීම යන චතුර්විධ ක්‍රියාමාර්ගයන්හි යෙදීම ආර්ය අෂ්ඨාංගික මාර්ගයෙහි අන්තර්ගත වන්නේ කුමන මාර්ගාංංගයට ද?

(17) මංගල හා පරාභව සූත්‍රයන්හි සඳහන්‌ ධර්මෝපදේශවලින්‌ ප්‍රකට වන අර්ථය ඇතුළත්‌ වඩාත්‌ ගැළපෙන ප්‍රකාශය තෝරන්න.

(18) බුදුරජාණන්‌ වහන්සේ තෝදෙය්‍ය පුත්‍ර සුභ මානවකයාට දේශනා කළ පරිදි යමෙක්‌ දීර්ඝායුෂ්කව උපත ලැබීමට හේතූ වන සාධකය වන්නේ,

(19) නිවන්‌ මග ආවරණය කරන පංච නීවරණ ධර්ම අතර 'ව්‍යාපාදය' උපමා කොට ඇත්තේ,

(20) සිත කය දෙකෙහි නිතර පවතින නිදිමත හා උදාසීන ගතිය නීවරණ ධර්මයක්‌ වන අතර, එය හැඳින්වෙන්නේ,

Post a Comment

0Comments
Post a Comment (0)