• Educational

    Monday, March 13, 2023

    1.සාහිත්‍යය සහ සමාජය (වචන 250කට නොඅඩු රචනාව)

    About Techyleaf

    සාහිත්‍යය සහ සමාජය

    බස නිපැයූ රස උල්පත සාහින්‍යය යි. එය රස පමණක්‌ නොව මිනිස්‌ ජීවිත අවබෝධය ද වැඩි දියුණූ කරයි. කවය, නවකනාව, කෙටිකනාව දෘශය කාච්‍ය හෙවත් නාට්‍ය ආදිය සාහින්‍ය අංගයි. සාහින්‍ය වනාහි එකාට එකා ඈඳුණු මිනිසුන්‌ හෙවත් සමාජයේ උරුමයකි.

    සාහින්‍යය මඟින්‌ කිසියම්‌ රටක අනන්‍යතවය නිරූපණය වේ. එය රටක සමාජික, සංස්කෘතික හා දේශපාලනික රටාවේ ස්වරූපය විදහාපාන කැඩපනක්‌ බඳු ය. මේ සඳහා කෝට්‌ටේ සාහිත්‍යය අවධියේ රචින තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ 'සැළලිහිණී සංදේශය' උදාහරණයට ගත හැකිය. එහි එන “බල සේනානායක සපු මල්කුමරු එන” ආදී කවි එචකට සාමාජික හා දේශපාලනික නොරතුරු මොනවට හෙළි කරයි. මීට අමනරව ලේඛනගත නොවූවද සමාජයේ පවතින ජන කතා හා ජන කවි සාහින්‍යය මඟින්‌ ද බොහෝ සාමාජික සංස්කෘතික හා දේශපාලනික තොරතුරු හෙළිදරව් කරයි.

    භාෂාව භාවිනා කරන එකම සත්ත්වයා මිනිසා ය. භාෂාව මිනිසාගේ නිමැවුමකි. භාෂාව තුළින්‌ උපදින සාහිත්‍යයද ජනතා උරුමයකි. ඒ සාහින්‍යය වනාහි ජනනාවගේ ආධ්‍යාත්මය පෝෂණය කරන ඔෟෂධයක්‌ වැනි ය. උසස්‌ ශිෂ්ටාචාරයක්‌ සහ සභ්‍යත්වයක්‌ සහින සමාජයක්‌ බිහිවන්‌නේ උසස්‌ සාහිත්‍යයක්‌ එම සමාජය තුළ කාලයක්‌ නිස්සේ මුල්බැසගෙන නිබුණී නම් පමණී. එවන්‌ උසස්‌ සමාජ තත්ත්වයක්‌ ශ්‍රී ලංකා සමාජය තුළ ද දක්නට ලැබේ. එයට හේතුව වන්‌නේ අනුරාධපුර යුගයේ සිට දඹදෙණී, කෝට්ටේ හා මහනුවර යුග පසුකර වර්තමාන කොළඹ යුගය දක්වා වු ප්‍රතිභාසම්පන්න සාහින්‍යය නිර්මාණකරුවන්‌ ද, උසස්‌ සාහිත්‍ය නිරිමාණ ද, එම සාහින්‍ය නිර්මාණය රසවිඳින වාසනා ගුණය ඇනි සහෘද ජනනාව ද, යන තුන්‌ සබැඳියාව හේතුවනි. ඒ අතරීන්‌ සාහිත්‍ය පරිශීලනය කරන ජනයා යහපන්‌ ආකල්ප දරන සංවේදී පුද්ගලයන්‌ වීම වාසනාවකි. ඒ තුළින් සිතුම්‌ පැතුම්‌ යහමගට ගෙන රටේ සාමය සමගිය රකින සාමකාමී පුරවැසියන් බිහිවීම අප කාගේත් භාග්‍යය කි.

    නවීකරණය වන සමාජයක සාහින්‍යයේද නවිකරණයක්‌ අවශ්‍ය බව පිළිගත යුනූව ඇත. අතීතයේ සිට ලේඛනගත කළ සාහින්‍යය වෙනුවට වරිනමානයේ බහුලව දක්නට ලැබෙන්‌නේ අංකිත මාධ්‍ය සාහින්‍යය හෙවත්‌ “ඩිජිටෙල්‌” සාහිත්‍යය යි. තොරතුරු සන්නිවේදනය දියුණුවත්‌ සමඟ ග්‍රරන්ථකරණයේ පසඬුබෑමක්‌ දුක්නට ලැබේ. නමුත්‌ ඒ සමඟ ඉහන සඳහන්‌ කළ ආකාරයේ සාහින්‍ය පිවිසුමක්‌ ජනනාව අතර ප්‍රචලිත වෙමින්‌ පවතී. සීගිරී කැටපත්‌ පවුරේ වූ කව්‌ සාහිත්‍යය දෙස පිළිගන්නේ නම්‌ නූතන පරිගණක තිරය මත දිග හැරෙන නිරිමාණ ද සාහින්‍යය ලස පිළිගැනීමට මැලි විය යුතු නැත. මාධ්‍ය කූමක්‌ වුව ද රටක ජනනාචශගේ අධ්‍යාත්මය පෝෂණය කිරීමට සාහින්‍යයට හැකි ය. එබැවින්‌ නූතන සමාජයට උචිත ආකාරයට උසස්‌ සාහින්‍ය බිහිවීමත්, ඒචා රස විඳින හා ප්‍රඥාව දල්වාගන්නා රසික පිරිසක්‌ බිහිවීමන්‌ අපගේ අනාගන බලාපොලරොත්තුවයි.

    මෙම රචනයේ වචන 337 ක් ඇත

    ඉදිරියට යමු

    No comments:

    Post a Comment

    Pages

    ශ්‍රී ලංකා සාමාන්‍ය පෙළ (සාමාන්‍ය පෙළ) යනු අධ්‍යාපන අමාත්‍යාංශයේ විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපන සහතික (අ.පො.ස.) සුදුසුකමකි. එය කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ සාමාන්‍ය පෙළ සුදුසුකම් මත පදනම් වේ. O-මට්ටමක් යනු ස්වකීය අයිතියේ සුදුසුකමකි, නමුත් බොහෝ විට වඩාත් ගැඹුරු සහ අධ්‍යාපනික වශයෙන් දැඩි උසස් පෙළ විභාග සඳහා පූර්ව අවශ්‍යතාවයක් ලෙස ගනු ලැබේ. එය සාමාන්‍යයෙන් ජ්‍යෙෂ්ඨ ද්විතීයික පාසලේ (10 සහ 11 ශ්‍රේණියේ (සාමාන්‍යයෙන් වයස අවුරුදු 15-16)) හෝ බාහිර (පාසල් නොවන) අපේක්ෂකයාගේ අවසන් වසර දෙක තුළ සිසුන් විසින් ගනු ලැබේ. විභාගය සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසයේදී පැවැත්වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය තුනකින් විභාග පැවැත්වේ. විභාගය ද්විතීයික අධ්‍යාපනය සම්පූර්ණ කළ බවට සාක්ෂියක් ලෙස ශ්‍රී ලංකාව තුළ පිරිනමන මූලික සහතිකය වේ. උසස් පෙළ (උ/පෙළ) හෝ වෘත්තීය අධ්‍යාපනය හැදෑරීමට ඔවුන්ගේ සුදුසුකම් තීරණය කරන බැවින් අ.පො.ස. සා/පෙළ විභාගය සිසුන්ට වැදගත් සන්ධිස්ථානයකි. පුහුණු පාඨමාලා.